Thursday, May 31, 2012

ආලෝකය , දල සේයා පට හා සංවේදක

කලින් ලිපියක් ඉවර කරන වෙලාවෙ කිව්ව වගේ ඡායාරූප කලාව කියන්නෙ ආලෝකයෙන් චිත්‍ර ඇදීමේ කලාවක්.
ඡායාරූපයක් නිර්මානය වෙන්න නම් යම්කිසි ප්‍රමානයක ආලෝකයක් තියෙන්නම ඕනේ.

ඉස්කෝලෙ භෞතික විද්‍යාව පාඩම මතක අය දන්නව ඇති ආලෝකය කියන්නෙ විද්‍යුත් චුම්භක තරංග විශේෂයක්.
විද්‍යුත් චුම්භක වර්ණාවලියේ හරිමැද්දට වෙන්න තමයි අපේ ඇහැට පෙනෙන දෘශ්්‍ය ආලෝක පරාසය පිහිටල තියෙන්නෙ.මේ දෘශ්‍ය අලෝක ප්‍රාසයේ තමයි අපිට පැහැදිලිව වෙන් කරල හදුනගන්න පුලුවන් දේදුන්නෙ පාට හත අඩංගුවෙලා තියෙන්නෙ.



ඉස්සෙල්ල ඉතිහාස පාඩමක් දැං මෙන්න භෞතික විද්‍යාව පාඩමක් :P  ෆොටෝගැෆි ගැන නෙමෙයිද මේ බ්ලොග් එකේ තියෙන්නෙ???  :/
:)

ඡායාරූපකරනය කියන්න ඒ වගේ අපූරු කලාවක්. ඉතිහාසය,භෞතික විද්‍යාව,රසායන විද්‍යාව,මනෝ විද්‍යාව,ගණිතය,සාහිත්‍ය,ආගම,දර්ශනය වගේ විශයන් සැහෙන්න ප්‍රමානයක් මේ කලාවත් එක්ක එකට බැඳීල තියනවා.

රසායන විද්‍යාව පාඩමට එන්නෙ දැනුයි. :D

ආලෝකයෙන් නිර්මානය වෙන ඡායාරූපෙ සටහන් කරගන්න මාධ්‍යකුත් ඕනම වෙනවනෙ.ඒකට ඉස්සෙල්ලම පාවිච්චි කලේ කළු සුදු ඡායාරූප පටල.
ඊට පස්සෙ තමයි වර්ණ ඡායාරූප පටලත් ඊටත් පස්සෙ දැං පාවිච්චි කරන ඩිජිටල් ක්‍රමයත් කරලියට ආවෙ.

මේ කළු සුදු ඡායාරූප පටල වර්ග තුනක් තියනවා
  • ඕර්තොක්‍රොමැටික්   - Orthochromatic
  • පැන්ක්‍රොමැටික්       - Panchromatic
  • අධෝරක්ත සංවේදී  - Infra Red Sensitive

(රතු පාටට සංවේදි බව අඩු ඕතොක්‍රොමැටික් ක්‍රමය තවමත් මුද්‍රන කටයුතු වලදි පාවිච්චි කරනවලු)

කළු සුදු පටලයක් මූලිකවම සකස් වෙලා තියෙන්නෙ අදුන සහ පටල ආධාරකය කියන කොටස් දෙකෙන්.මේ අදුන හැදිල තියෙන්නෙ සිල්වර් හේලයිඩ් ස්ථරයකින්.ආධාරකය හැටියට ගන්නෙ සෙලියුලොයිඩ් පටලයක්.



වර්ණ ඡායාරූප පටලත් කොටස් දෙකකට වෙන් වෙනවා

  • දිවාලෝක පටල - Day light Films
  • කෘතිමාලෝක පටල - Artificial Light Films 
 මේ ජාති දෙකම ධන ඵලක පටල හා ඍණ ඵලක පටල හැටියට තියෙන්න පුලුවන්.
 වර්ණ පටලයක මූලික ව්‍යුහය




<< Blue Sensitive Emulsion


<< Green Sensitive Emulsion



<< Red Sensitive Emulsion




ඡායාරූප පටල ගැන විස්තර ඔච්චරයි.
පටල වේගය/සංවේදීතාව , ඩිජිටල් සංවේදක ගැන  ඊලඟ ලිපියෙන් කතා කරමු :)


Wednesday, May 30, 2012

පින්තූර කලාවේ ඉතිහාසය


ආස දේ ගැන දන්න තරමින් ලියනවා කියල හිතාගෙන පටන් ගත්තට වැඩ වැඩි කම නිසා මාස දෙකක් යනකං එක ලිපියකට වඩා ලියාගන්න බැරිවුනා.ඔය කෙලවරක් නැති වැඩ නිසාම ෆොටෝග්‍රැ‍ෆි ක්ලාස් එකේ දවස් තුනක පාඩම් මගහැරුනා.ඒකෙන් දවස් දෙකක්ම ප්‍රැක්ටිකල්.
පලවෙනි දවසෙ විහාර මහා දේවි උද්‍යානයෙත් දෙවෙනි දවසෙ කැලනිය පන්සලටත් ගිහින් තියපු ප්‍රැක්ටිකල් දෙකම මට මගහැරුනා.

බ්ලොග් එක ලියන්න පටන් ගත්තු දවස් වල ලියනව කියල හිතාගෙන හිටපු දේවල් වලින් ගොඩක් දේවල් දැන් අමතක වෙලා.
පටන් ගත්ත දේ දිගටම කරගෙන යන්න ඕන කියල හිතුන නිසා, පංතියේ මුල පාඩ්මේ ඉදන් ඉගෙන ගත්තු දේවල් මට මතක ඇති හැටියට ලියාගෙන යන්නයි මේ ලැහැස්තිය...

ඡායාරූපකරනය ගැන කියන්න යන මේ කතාව පටන් ගන්නෙ 1826 වගේ කාලෙකින්. ප්‍රංශ ජාතික  (Joseph Nicéphore Niépce ) නීප්ශේ කියන පුද්ගලයා තමයි මේ ලෝකේ පලවෙනි ඡායාරූපය අරන් තියෙනවයි කියල කියන්නෙ.මේ තියෙන්නෙ  ඒ පින්තූරෙ

එහෙම පටන් ගත්තු ඡායාරූපකලාවෙන් 1839දි මොඩර්න් ෆොටෝග්‍රැ‍ෆි සිංහලෙන් කිව්වොත් නූතන ඡායාරූප කලාව බිහිවෙනවා මේකට මුලුවුනු දෙන්නා ප්‍රංශ ජාතික ඩැගියුරේ සහ එංගලන්ත ජාතික ෆොක්ස් ටැල්බට්.
ඒ වෙනකන් ඡායාරූප චිත්‍රාගාර(Studio) වලට විතරක් සීමා වෙලා තිබුනු මේ කලාව 1900 වෙද්දි ජෝර්ජ් ඊස්ට්මන් කියන හාදයා පලමු ඡායාරූප පටලය නිපදවල ඊස්ට්මන් කොඩැක් සමාගම ආරම්භ කරනවා.මේකෙන් තමයි ඩොමෙස්ටික් ෆොටෝග්‍රැ‍ෆි ආරම්භ වෙන්නෙ

යුද්ධයකින් කලාවටත්,කලාවකින් යුද්ධයකටත් කිසිම වැඩක් නැති වෙයි කියල හිතුනත් දෙවෙනි ලෝක යුද්ධයෙදි ඡායාරූප කලාවෙන් විශාල වාසියක් ලැබුන වගේම යුද්ධය අවසන් වෙද්දි ඡායාරූප කලාවත් සැහෙන දියුනු තත්වයකට පත්වෙලා තිබුනා.

Photography කියන නම හැදිල තියෙන්නේ ග්‍රීක භාශාවෙන් ආලෝකයෙන් ඇඳිම කියන තේරුම දෙන  φωτός (phōtos)  සහ  γραφή (graphé)  කියන වචන දෙක එකතු වෙලා කියන කාරනාවත් අමතක වෙන්න කලින් කියන්න ඕන.
ඉතිහාස පාඩම එච්චරයි.

ඡායාරූපයක් හැදෙන්නෙ කොහොම ද?
ඡායාරූප සටහන් වෙන්නෙ මොනවයෙ ද?

ඔය වගේ දේවල් ගැන විස්තර ඊලඟ පෝස්ට් එකෙන් කියන්නම් :)