Wednesday, February 8, 2012

පලමු පින්තූරය

මේ සූදානම මම ආස කරන ඡායාරූප කලාව ගැන මම දන්න දේ බෙදා හදාගන්නයි.

ඡායාරූප කලාව ගැන මම දන්නෙ මොනවද? හිත මගෙන් අහනවා….

ඇයි
බන් දන්න කාලෙක ඉඳලා කැමරාවක් අතට හැටියෙ සිහියක් නැතුව ෆොටෝ ගැහුවෙ?

එහෙම
කලාම ෆොටෝග්රැෆි පුලුවන් වෙනවද? ෆොටෝග්රැෆි මට පුලුවන්ද?

මගේ
මතකය කියන හැටියට ඉස්සෙල්ලම[2002] තාත්ත (අක්කට) අරන් දීපු කොඩැක් KB10 කැමරාවෙන්,ඊට පස්සෙ [2006] බාප්පා රට ඉඳන් එද්දි ගෙනත් දුන්නු Sony DSC-S60 කැමරාවෙන් ඒක කැඩුනට පස්සෙ Samsung SGH-f480 ෆෝන් කැමරාවෙන් සහ අතරතුර යාලුවන්ගෙන් ඉල්ලගත්තු Fuji finepix S1000fd වගේ කැමරා වලින් එක දිගට පින්තූර ගත්තා.

අතරෙ ෆොටෝග්රැෆි ගැන තද උවමනාවකින් හොයාගෙන නොගියට අතට හම්බුනු ෆොටෝග්රැෆි සම්බන්ධ හැම ලිපියක්ම කියෙව්වා.

2011 මාර්තු මාසෙ සීගිරියට ගිය විනෝද චාරිකාවෙ පින්තූර සකස් කරද්දි තමයි මගේ හිත මට කියන්නෙ උබ ෆොටෝග්රැෆර් කෙනෙක් වගේ කියල.එදා ඉඳන් තමයි මම ෆොටෝග්රැෆි ගැන හරියටම උනන්දු වෙන්න පටන් ගන්නෙ.

මූනු පොතට එක් වෙලා හිටියත් ඒකෙනුත් ෆොටෝග්රැෆි ගැන හොයන්න පටන් ගන්නෙ ඊට පස්සෙ.එතනදි තමයි මට හම්බෙන්නෙ Photo-Talk  කණ්ඩායම.

මම ෆොටෝග්රැෆි ගැන මේ වෙනකොට දන්න දේවල් වලින් 98%ක් ඉගෙන ගත්තේ එතැනින්!
කණ්ඩායමේ සැරි සරන කොට තමා මට දැනෙන්න පටන් ගත්තෙ ඡායාරූප කලාව කියන්නෙ මහා විසාල විෂය කොටසක් කියන එක.

දැනුම මුල ඉඳන් විදිමත්ව  හදාරන්න ඕන කියන සිතුවිල්ල හිතේ නලියමින් ඉන්න වෙලාවක තමයි NAPSL(National Association of Photographers) එකේ තියන පාඨමාලාවන් ටිකට ඇහැ ගියේ.
විශ්වවිද්යාලයේ මට උගන්වන ගුරුවරයෙක් මට කියා දුන් අදහසක් තමයි තමන් ඉගෙන ගන්න දේවල් ගැන බ්ලොග් සටහනක් ලියන්න කියන එක.

මම කලින් කියපු NAPSL එකේ Certificate Course in Amateur Photography පාඨමාලාවෙ පලමු දවසට සහභාගී වෙද්දි මට හිතට ආපු අදහසක් තමයි මේ වගේ ඡායාරූප කලාව ගැන මම ඉගෙන ගන්න දේත් බ්ලොග් සටහනකට එක් කරන්න ඕන කියලා.

යම් විෂයක් ගැන මනා දැනුමක් නැතිව මෙහෙම ලියන එක වැරදියි කියල කෙනෙක් චෝදනා කරන්න පුලුවන්.නමුත් මගේ අරමුන කාටවත් ඡායාරූප කරනය ඉගැන්වීම නොවෙයි.

මගේ එකම අරමුන  මම ඉගෙනගත් දේවල් මේවායි කියල බ්ලොග් අවකාශයට එකතු කරන එක පමනයි.
මම මේ ලිපියෙන් පටන් අරන් ලියන්න යන ෆොටෝග්රැෆි සම්බන්ධ ලිපි පෙලේ සම්පූර්නයෙන්ම අඩංගු වෙන්නෙ  NAPSL එකේ Certificate Course in Amateur Photography පාඨමාලාවෙන් මම ඉගෙන ගන්නා දේවල්. නමුත් මේ බ්ලොග් සටහන කියවලා පාඨමාලාවෙන් ලැබෙන සම්පූර්න දැනුම ලබාගන්න බෑ.ඒකට (ප්රායෝගික ක්රියාකාරකම් සහිත) පාඨමාලාව හදාරන්නම වෙනවා.
හැඳින්වීම එපමනයි


ප්රභාලේඛනය,ආලෝක චිත් කලාව නොහොත් ඡායාරූපකරනයේ ඉතිහාසයෙන් පටන් ගෙන වර්තමානය හරහා අනාගතය තෙක් ඉගෙන ගන්නා සෑම දෙයක්ම බෙදාහදා ගැනීමට ඔබත් එක්වන්න…. :)

4 comments:

  1. අපිට ඔය වගේ අනම් මනම් එවා කරන්න බැරි නිසා මේකවත් බලලා ට්කක් ඉගෙන ගන්න

    ReplyDelete
  2. digatama liyanna...man aasaawen balanawa......

    ReplyDelete
  3. ලියපන් මල්ලී.... මාත් බලනවා...

    ReplyDelete
  4. අන්න ඒකනේ මාත් කළේ.
    www.photographylk.coom එකෙන්. :)

    ReplyDelete