Thursday, May 31, 2012

ආලෝකය , දල සේයා පට හා සංවේදක

කලින් ලිපියක් ඉවර කරන වෙලාවෙ කිව්ව වගේ ඡායාරූප කලාව කියන්නෙ ආලෝකයෙන් චිත්‍ර ඇදීමේ කලාවක්.
ඡායාරූපයක් නිර්මානය වෙන්න නම් යම්කිසි ප්‍රමානයක ආලෝකයක් තියෙන්නම ඕනේ.

ඉස්කෝලෙ භෞතික විද්‍යාව පාඩම මතක අය දන්නව ඇති ආලෝකය කියන්නෙ විද්‍යුත් චුම්භක තරංග විශේෂයක්.
විද්‍යුත් චුම්භක වර්ණාවලියේ හරිමැද්දට වෙන්න තමයි අපේ ඇහැට පෙනෙන දෘශ්්‍ය ආලෝක පරාසය පිහිටල තියෙන්නෙ.මේ දෘශ්‍ය අලෝක ප්‍රාසයේ තමයි අපිට පැහැදිලිව වෙන් කරල හදුනගන්න පුලුවන් දේදුන්නෙ පාට හත අඩංගුවෙලා තියෙන්නෙ.



ඉස්සෙල්ල ඉතිහාස පාඩමක් දැං මෙන්න භෞතික විද්‍යාව පාඩමක් :P  ෆොටෝගැෆි ගැන නෙමෙයිද මේ බ්ලොග් එකේ තියෙන්නෙ???  :/
:)

ඡායාරූපකරනය කියන්න ඒ වගේ අපූරු කලාවක්. ඉතිහාසය,භෞතික විද්‍යාව,රසායන විද්‍යාව,මනෝ විද්‍යාව,ගණිතය,සාහිත්‍ය,ආගම,දර්ශනය වගේ විශයන් සැහෙන්න ප්‍රමානයක් මේ කලාවත් එක්ක එකට බැඳීල තියනවා.

රසායන විද්‍යාව පාඩමට එන්නෙ දැනුයි. :D

ආලෝකයෙන් නිර්මානය වෙන ඡායාරූපෙ සටහන් කරගන්න මාධ්‍යකුත් ඕනම වෙනවනෙ.ඒකට ඉස්සෙල්ලම පාවිච්චි කලේ කළු සුදු ඡායාරූප පටල.
ඊට පස්සෙ තමයි වර්ණ ඡායාරූප පටලත් ඊටත් පස්සෙ දැං පාවිච්චි කරන ඩිජිටල් ක්‍රමයත් කරලියට ආවෙ.

මේ කළු සුදු ඡායාරූප පටල වර්ග තුනක් තියනවා
  • ඕර්තොක්‍රොමැටික්   - Orthochromatic
  • පැන්ක්‍රොමැටික්       - Panchromatic
  • අධෝරක්ත සංවේදී  - Infra Red Sensitive

(රතු පාටට සංවේදි බව අඩු ඕතොක්‍රොමැටික් ක්‍රමය තවමත් මුද්‍රන කටයුතු වලදි පාවිච්චි කරනවලු)

කළු සුදු පටලයක් මූලිකවම සකස් වෙලා තියෙන්නෙ අදුන සහ පටල ආධාරකය කියන කොටස් දෙකෙන්.මේ අදුන හැදිල තියෙන්නෙ සිල්වර් හේලයිඩ් ස්ථරයකින්.ආධාරකය හැටියට ගන්නෙ සෙලියුලොයිඩ් පටලයක්.



වර්ණ ඡායාරූප පටලත් කොටස් දෙකකට වෙන් වෙනවා

  • දිවාලෝක පටල - Day light Films
  • කෘතිමාලෝක පටල - Artificial Light Films 
 මේ ජාති දෙකම ධන ඵලක පටල හා ඍණ ඵලක පටල හැටියට තියෙන්න පුලුවන්.
 වර්ණ පටලයක මූලික ව්‍යුහය




<< Blue Sensitive Emulsion


<< Green Sensitive Emulsion



<< Red Sensitive Emulsion




ඡායාරූප පටල ගැන විස්තර ඔච්චරයි.
පටල වේගය/සංවේදීතාව , ඩිජිටල් සංවේදක ගැන  ඊලඟ ලිපියෙන් කතා කරමු :)


No comments:

Post a Comment